අයා දෙනයන
සිතුම් ලොව නිවසනා මොහොතක
යදම් වෑට බැඳි කවුළු අතරින්..
සිප ගතී දුහු රැළක් වා තලය කළඹමින්,
තුඟු වියන් නාද කල,
වනස්පති වැළලුවා මිහි තුල,
මාවතක් ඇති මන් මුළා වූ සේ..
දවන හිරු කිරණ මිස,
පත් නොවේ හරිත ඇති,
ධවල ලෝහිතය නැති..
පිපාසිත නිම් තෙරක්,
නගන්නට නව ලොවක්,
නැසුවදෝ සරු බිමක්..
දවා මා අළුගොඩක්,තැනිය හැකිදෝ හෙටක්..
මිය ඇදුනෙ මිහි මතයි..
එය මගේ නිජ බිමයි..
වැදූ දරු සිය ගණන්,
නැත මිහිට මා බරක්..
නසා මා වනසමින්..
ව්ඳිනු සැප ලොබ බැඳන්..
ලහෝ පළු පත වෙමින් සැඩ නළ,
පරඬලා පත වෙමින් මහ දිය,
ඇදන් යති හෙට මාර සෙන් වෙත,
වදව් ආලය නොවී ගැති ගෙන..
පණ පෙවූ..
මිහි මවට හද බැඳ...

No comments:
Post a Comment