Monday, January 20, 2014

අයා දෙනයන
සිතුම් ලොව නිවසනා මොහොතක
යදම් වෑට බැඳි කවුළු අතරින්..
සිප ගතී දුහු රැළක් වා තලය කළඹමින්,
තුඟු වියන් නාද කල,
වනස්පති වැළලුවා මිහි තුල,
මාවතක් ඇති මන් මුළා වූ සේ..
දවන හිරු කිරණ මිස,
පත් නොවේ හරිත ඇති,
ධවල ලෝහිතය නැති..
පිපාසිත නිම් තෙරක්,
නගන්නට නව ලොවක්,
නැසුවදෝ සරු බිමක්..
දවා මා අළුගොඩක්,තැනිය හැකිදෝ හෙටක්..
මිය ඇදුනෙ මිහි මතයි..
එය මගේ නිජ බිමයි..
වැදූ දරු සිය ගණන්,
නැත මිහිට මා බරක්..
නසා මා වනසමින්..
ව්ඳිනු සැප ලොබ බැඳන්..
ලහෝ පළු පත වෙමින් සැඩ නළ,
පරඬලා පත වෙමින් මහ දිය,
ඇදන් යති හෙට මාර සෙන් වෙත,
වදව් ආලය නොවී ගැති ගෙන..
පණ පෙවූ..
මිහි මවට හද බැඳ...

Nihanda Sithuvili

වලාකුලු පිරි අහස
අරා ඉහලට නෑගුන..
නේක තුරු විසල් මෑද..
කුහුඹුවකු විලාසෙන්..සිට ගතිමි මා තනිව..
නග්න මහ තුරු කද
වසා සරනා..රිකිලි අතු පතර මත..

කටු අනින වියරු සීතල රෑගෙන
අසිහියෙන් සිරුර මත දග කරන..
සීත මෝසම් සුලග පිරි මදිමි..
රෑය ගෙවී උදා වු තවත් එක් අලුයමක..
රන් පෑහෑය නොතෑවරුනු අලුපාට ගුවනතෙහි..
සියතින්ම තනාගත් අලුත් මාවත් දිගේ..
ඒ සුලග පියාඹන අපූඋරුව..
දුටුමි මා නෙත් වසග කල..

වලාකුලු මෑද අහස අරා ඉහලට නෑගෙන..
සද කොහිද..මම තවම සොයමි..
විසිරු හරිත පත් අතර..
අහසෙ ඉඩ ඈති තෑනක..
හිරි වෑටුනු ඈගිල්ලෙන්..
හුරු පුරුදු ලෙස සිතින්..
හි හෑඩතල අදිමි....


S.N.D